2024 ඇමෙරිකානු ජනාධිපතිවරණය
2024 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 5 වන දින පැවැත්වුණ අතර, රිපබ්ලිකන් පක්ෂයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය.
මෙම මැතිවරණයේදී, ඡන්ද විද්‍යාල 538 කින් 270 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීම ජයග්‍රහණය සඳහා අවශ්‍ය වේ. ට්‍රම්ප් ඡන්ද විද්‍යාල 230 ක ජයග්‍රහණය කර ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදිනිය වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් ඡන්ද විද්‍යාල 187 ක් දිනාගෙන ඇත.
මැතිවරණයට පෙර, ඡන්ද දායකයන් මිලියන 75 කට ආසන්න පිරිසක් පෙර ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව භාවිතා කර තිබුණි. මෙම මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබුණේ මිලියන 186.5 ක පිරිසකටයි.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර, ට්‍රම්ප්ගේ ප්‍රචාරණයට බිලියනපති ව්‍යාපාරික ඉලෝන් මස්ක් ඇතුළු පිරිසක් සහය දැක්වූ අතර, කමලා හැරිස්ගේ ප්‍රචාරණයට බියොන්සේ, ටේලර් ස්විෆ්ට්, ජෙනිෆර් ලෝපේස් වැනි ප්‍රසිද්ධ තරු සහභාගී විය.
මැතිවරණ ප්‍රතිඵල අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් 56,524,387 ක් ඡන්ද ලබා ඇති අතර, කමලා හැරිස් 51,387,902 ක් ඡන්ද ලබා ඇත.
2024 ඇමරිකානු ජනාධිපතිවරණය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන වර ජනාධිපති ධූරයට පත්වීමෙන් අවසන් වූ අතර, එය ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සලකනු ලබයි.
Comments
Post a Comment